ඉදිරි පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය ගැන අනාවැකි සඳහන් කළ නොහැකි බවත් මැතිවරණ ප්‍රතිඵල මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වෙන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
මතුගම යටදොලවත්ත ප්‍රදේශයේදී පසුගිය (26දා) පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
" අප සිතන්නේ මේ රටේ ජනතාවට යම් යහපතක් සැලසිය යුතුයි කියලයි. පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව යම් වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස ඉදිරි කාලයේදී දේශපාලන කරලිය තුළ වෙන්නම ඕනෑ එකක්.
නමුත් මැතිවරණ ප්‍රතිඵල මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වෙනවා. 2015 ජනවාරි 8වැනිදා ලබාදුන් තීන්දුව වෙන එකක්. 2016 අගෝස්තු 17වැනිදා දුන්නේ වෙන තීන්දුවක්. ඒ වගේම මෙම 2018 පෙබරවාරි 10වැනිදා දුන්නේ වෙන තීන්දුවක්. මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න බැහැ.
බස්නාහිර පළාත් සභාව විසුරුවා හැරීමට තිබෙන්නේ 2019 අප්‍රියෙල් 20වැනිදා මධ්‍යම රාත්‍රියේයි. ඒ වනවිට මේ රටේ විශාල දේශපාලන වෙනස්කම් සිදුවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපට ප්‍රශ්නයක් නැහැ. අපි හැමදාම වැඩකරන පළාත් සභාවක් හැටියට මෙම මැතිවරණය අවසන්වීමත් සමග මේ වන විට ජනතාවට සේවා සපයන ව්‍යාපෘති ගණනාවක් සිදු කර තිබෙනවා."
මතුගම බන්දු තඹවිට