පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා පළාත් සභා අනුමැතිය අවශ්‍ය නොමැති බව නීතිපති විසින් දැනුම් දී ඇත.
නීතිපති, මැතිවරණ කොමසාරිස්, අග්‍රාමාත්‍යවරයා හා පක්ෂ නායකයන් අතර අද (20දා) පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවේ තීන්දුව කතානායකයවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මේ බව පැවැසීය.
පනත විවාදය ගැනීමත් සමග පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළේය. නීතිපතිවරයාගේ ප්‍රකාශය ලබාදීමෙන් පසුව නැවතත් විවාදය ආරම්භ කළේය.