පළාත් සභා පනත නිවැරදි ලෙස ක්‍රියාත්මක වන්නේනම් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයක් අවශ්‍ය නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සහ බස්නාහිර පළාත් සංවර්ධන හා මහානගර අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගන්නා කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අද (08දා) මේ බව කීය.
පළාත් සභා සමග කටයුතු කිරීමේදී පසුගිය ආණ්ඩු විසින්ද වැරදි තීරණ ගත් බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බලය බෙදීම ක්‍රියාත්මක කරනවාද, නැද්ද යන්න පමණක් සිතිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම විවාදයේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ,පළාත් සභා ක්‍රමය තවදුරටත් සුදු අලියෙකුබවත්, එය පවත්වාගෙන යාම රටට බරක් ලෙසත් මෙම අයවැය මගින් ඔප්පු වී ඇති බවයි.
සංවර්ධනයේදී ගම්මට්ටමේ ජනතාවට සෘජුවම සම්බන්ධ විය හැකි පළාත් පාලන ආයතන තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මහනගර සභා ආඥා පනත මේ වනවිටත් දෙමළ භාෂාවට පරිවර්තනය නොවීම ජාතික සංහිඳියාවටද ගැටලු සහගත බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පැවසුවේ පළාත් පාලන අමාත්‍යාංශය ශක්තිමත් කිරීමෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉතා හොඳින් ක්‍රියාත්මක කළ හැකි බවත්, දයාසිරි අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා එකඟ නොවන බවත්ය.
එමෙන්ම මධ්‍යම රජය සහ පළාත් සභා අතර සම්බන්ධය ශක්තිමත් වන්නේද අමාත්‍යාංශය හරහා බවද අමාත්‍යවරයා කීය.
මුදල් කොමිසමේ නිර්දේශය මත සියලුම පළාත් සභාවලට මුදල් ලබාදෙන අතර, එය අමාත්‍යවරයාගේ හිතුවක්කාර තීන්දු මත ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.