උතුරු පළාත් සභාව සංවර්ධන විශේෂ විධිවිධාන පතනට එරෙහි වීමට ඒකමතික තීරණය කර තිබේ. එසේම උෟව පළාත් සභාවේදී එම පනත පරාජයට පත්වීය. උෟව පළාත් සභාව පනතට විරුද්ධව ඡන්ද 13ක් ප්‍රකාශ කළ අතර පක්ෂව ඡන්ද 9ක් ප්‍රකාශ කළේය. සුපිරි ඇමතිවරයෙක් මෙම පනත මගින් බිහිවෙන බවට විපක්ෂය චෝදනා කරයි. ආණ්ඩුව පවසන්නේ එවැනි සුපිරි ඇමතිධුරයක් බිහි නොවන බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළාත් මහ අමාත්‍යවරු අද දිනයේදි අරලිය ගහ මන්දිරයේදි හමුවීමටත් නියමිතය.