පළාත් සභා මන්ත්රීවරුන් සඳහා ලබාදෙන තැපැල් ගාස්තු දීමනාව ඉහළ දමන ලෙස සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී නිහාල් ෆාරුක් මහතා ඉල්ලා සිටියේය.
සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැති පළාත් සභා රැස්වීමේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදීමේ ක්රියාවලිය පුළුල් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක අදහස් දක්වන අතරවාරයේ නිහාල් ෆාරුක් මන්ත්රීවරයා මෙම ඉල්ලීම කළේය.
පළාත් සභා මන්ත්රීවරයෙකුට වාර්ෂිකව තැපැල් ගාස්තු සඳහා රුපියල් 24,000ක මුදලක් ලැබෙන බව පැවසූ මන්ත්රීවරයා තමන් වැනි ක්රියාකාරී මන්ත්රීවරුන්ගේ වාර්ෂික තැපැල් කෝටාව මුල් මාස කිහිපය තුළ දීම අවසන් වන බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් සඳහා වාර්ෂිකව රුපියල් 180,000ක තැපැල් දීමනාවක් ලැබෙන බවත්, පළාත් සභා පනත අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු හිමි දීමනාවලින් අඩක් පළාත් සභා මන්ත්රීවරුවරුන්ට හිමි විය යුතු නිසාවෙන් අවම වශයෙන් පළාත් සභා මන්ත්රීවරුන්ගේ වාර්ෂික තැපැල් දීමනාව රුපියල් 80,000 දක්වාවත් වැඩි කරන ලෙස මන්ත්රීවරයා ඉල්ලා සිටියේය.
අජිතලාල් ශාන්ත උදය