පළාත් පොලීසි ඇතිකිරීම හරහා අපරාධකරුවන් දස දහස් ගණනක් බිහිවිය හැකි බවත් උතුරට අවශ්‍ය ජාතික පොලීසියක් මිස පළාත් පොලීසියක් නොවන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (03දා) කොළඹදී පැවසීය.
ඒ අනුව දෙමළ භාෂාව කතා කරන පිරිසක් පොලීසියට අනුයුක්ත කළ යුතු බවත් වත්මන් රජය මේ වන විටත් එම කාර්යය සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මෙහිදී දූෂණ අක්‍රමිකතා සඳහා වැරදිකරුවන් බවට පත්වන දේශපාලඥයන් පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.“ජපානයේ කොරියාවේ වගේ හොරකමක් අහුවුණොත් ඒ දේශපාලකයා සියදිවි නසා ගන්නවා.
අපේ රටේ නම් අත්දෙක උස්සලා දම්වැල් පෙන්නලා මට දේශපාලන ප්‍රශ්නයක් මතු වුණා කියලා පට්ටපල් බොරු කියලා තමයි බන්ධනාගාර බස්රථවලට නගින්නේ. විශේෂයෙන්ම ජනමාධ්‍යවලට මෙවැනි වංචනිකයන් පිළිබඳව පිළිකුලෙන් යුතුව වාර්තා විය යුතුයි”