ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ ජාතික හෙළ උරුමය තරග කරන බව එම පක්ෂයේ පළාත් පාලන කමිටුවේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝ පැවසූහ.
ඒ අනුව දිවයිනේ උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් දිස්ත්‍රික්ක 18ක පිහිටි පළාත් පාලන ආයතන සියල්ලටම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවාඇතැයිද උන්වහන්සේ පැවසූහ.
පළාත් පාලන මැතිවරණයට පක්ෂය පෙර සූදානම්වියයුතු බවට මීට මාස දෙකකට පෙර පැවැති ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කළ බවත්,ඉන්පසුව සිදුකළ දැනුම්දීමට අනුව අයදුම් පත්‍ර 300ක් පමණ පක්ෂයට ලැබී ඇති බවත් ජිනවංශ හිමියෝ සඳහන් කළහ.
එසේ අයදුම් පත්‍ර එවන ලද පුද්ගලයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 18 වැනිදා පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා බත්තරමුල්ල,පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයප්රධාන කාර්යාලයේදී පවත්වන බවද උන්වහන්සේ කියා සිටියහ.
මේ දක්වා අයදුම්පත්‍ර ලබාගෙන නොමැති අයෙකු වෙත්නම් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත්‍ර ලබාගැනීමේ අවස්ථාව තිබෙන බවද ජිනවංශ හිමියෝ පැවසූහ.
උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි දිස්ත්‍රික්කවලින් අයදුම්පත්‍ර නොකැඳවීමට පක්ෂය විසින් තීරණය කර තිබුණද, යාපනය දිස්ත්‍රික්කයේ දමිළ බෞද්ධයෙකු විසින් අපේක්ෂකත්වය ඉල්ලා අයදුම්පතක් එවා තිබෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.