පළාත් පාලන සීමා නිර්ණ වාර්තාව හෙට (17දා) ගැසට් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු සඳහන් කළේ එය මුද්‍රණය කිරිම සඳහා රජයේ මුද්‍රණාලයට ලබාදෙන බවයි. තවදුරටත් අදහස් දක්විමන් අමාත්‍යවරයා සඳහන් කළේ පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව සඳහා වන ගැසට් නිවේදනයද ඉක්මනින්ම නිකුත් කරන බවයි.