පළාත් පාලන ආයතන, කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධ අභියාචනා ඉදිරිපත් කිරීම් මේමස 20 වැනිදාට පෙර යොමුකරන්නැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේසම්බන්ධයෙන් පැමිණිලි ලබාගැනීම පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ආරම්භ වූ අතර, තවදුරටත් පැමිණිලි ලැබෙන බැවින් මේමස 20 වැනිදා දක්වා එම කාලයදීර්ඝ කරතිබේ.
කමිටුවේ කාර්යයන් කඩිනම් කළ යුතු බැවින් මේමස 20 වැනිදාට ප්‍රථම පැමිණිලි, යෝජනා හෝ අභියාචනා ඉදිරිපත්කරන ලෙසද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.