පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම වහාම අත්‍යාවශ්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි මන්ත්‍රීවරු සංඛ්‍යවා 8000 සිට 4000 දක්වා පහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඔහු සඳහන් කරයි.
කොටුව ජනපති මන්දිරයේදී අද (06දා) මාධ්‍ය ආයතනන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"මේ පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කිරීම අවශ්‍යයි. 8000කට වැඩි අතිවිශාල මන්ත්‍රී සංඛ්‍යාවක් ඔරොත්තු දෙන්නේ නෑ. අනෙක් එක ඒ තුළ ගොඩනැගෙන දේශපාලන සංස්කෘතිය හොඳ සංස්කෘතියක් කියලා දැනටමත් පේන්න නෑ. ඒ නිසා මන්ත්‍රී සංඛ්‍යාව එක් පැත්තකින් අඩුකිරීම ඉතාමත් අවශ්‍යයි. මම යොජනා කරනවා අමාත්‍ය මණ්ඩලයට මේ 8000 අනිවාර්යයෙන්ම 4000කට අඩු කරන්න කිටයලා."