ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරණය කිරීම සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාට රජය පැත්තෙන් විය යුතු අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙක තුළ සූදානම් කර ඒ වගකීම මැතිවරණ කොමසාරිස්වරයාට පවරන බව සමාජ සවිබල ගැන්වීමේ හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අද මහනුවරදී පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද (12දා) මහනුවරදී පැවැත්වූ උත්සවයකදීය.
මෙහිදී මාධ්‍යවේදියෙකු නව අමාත්‍යවරුන් පත්කර විෂයන් බෙදිමේදී යම් යම් ගැටලු පැන නැගී ඇති බවත්, උදාහරණයක් ලෙස රවී කරුණානයක අමාත්‍යවරයාට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබාදීම වැනි දේ ගැන අමාත්‍යවරයාගේ අදහස විමසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“ඒ තීන්දුව ගන්න ඇත්තෙ අගමැතිතුමානෙ,මම හිතන්නෙ නෑ ඒ තීන්දුවට ජනාධිපතිතුමාගෙ සතුටක් තියෙනවා කියලා,පෞද්ගලිකව අපිත් හිතන්නෙ ඒ තීන්දුව සුදුසු නෑ කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු භේද වීමකුත් නෑ. සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා. ඒකමතිකව. ජනාධිපතිතුමා එක්ක රාජපක්ෂ පවුලෙ අයත් ඒකාබද්දෙ විපක්ෂෙ බොහෝ මන්ත්‍රීවරුත් සාකච්ඡා කරමින් ඉන්නවා.
එදා ජෝන් අමරතුංග අමාත්‍යවරයා කෑ ගැහුව එක එච්චර ඔළුවට ගන්න දෙයක් නෑ. මාධ්‍යවේදීනුත් ඒක ඔළුවට ගන්න එකකුත් නෑ.ජෝන් ඇමැතිතුමාටයි ආණ්ඩුවටයි ගහන්න ඕන අය ඔය ගැන කතා කළාට මාධ්‍යවේදීන්ටයි ජෝන් ඇමැතිතුමගෙයි ඕක ඔළුවෙ නැති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.