පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට සියලුම කටයුතු අවසන් කර තිබෙන නිසා සියලුම දේශපාලන පක්ෂ මැතිවරණයට සූදානම් විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට අද (06දා) එහි ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.