පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිව තිබේ.
මෙරට මහ නගර සභා 23ක්ද, නගර සභා 41ක්ද, ප්රාදේශීය සභා 271 ක්ද වශයෙන් පළාත් පාලන ආයතන 335 ක් ක්රියත්මකව පවතින අතර, එම පළාත් පාලන ආයතන සඳහා මන්ත්රීවරු හා සභිකයින් 4,486ක් මහජන ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබයි.
මෑත කාලසීමාව තුළ සිදුකරන ලද විමසීම් අනුව පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගෙන් 104 දෙනෙකුට එරෙහිව විවිධ වැරදි හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම හෝ චෝදනා පත්ර ඉදිරිපත් කිරීම හෝ අධිකරණමය ක්රියාමාර්ග ගැනීම සිදු වෙමින් පවතීන බැවින් මෙම තීරණය ගෙනතිබේ.