ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ගණනාවක් එකතුව ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන වෙනමම පෙරමුණක් ගොඩනැගීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.
දැනට සංවිධාන 30 ක් පමණ එම සාකච්ඡා සඳහා සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.
වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන 25කින් සමන්විත ප්රගතිශීලී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ප්රගතිශීලී කඳවුරේ සංවිධාන සහ වාමාංශික පක්ෂ සමග පැවැත්වූ මූලික සාකච්ඡා සාර්ථක වූ බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග වාමාංශික පක්ෂ කිහිපයක් මෙම සාකච්ඡාවලට සම්බන්ධ වූ බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ නියෝජිතයන්ට අවස්ථා ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමුවුණු බවත් ජයසුන්දර මහතා කියා සිටියේය.
මීට අමතරව අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් ජාතික සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය සමග ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.