පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා නියෝජිතයෝ දැඩි අපහසුතාවට
ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධව රජය විසින් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බැවින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා නියෝජිතයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
ප්‍රාදේශීය සභා 210 ක, නගර සභා 31 ක සහ මහ නගර සභා 10 ක නිල ධුර කාලය මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතය.
ඊළඟ මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධව ඊට පෙර පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනුම්වත් කළ යුතු වුවද මේ දක්වා එය සිදුකර නොමැති බවත්, මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී අවශ්‍ය පාර්ශ්වයන්ගේ අවධානයට යොමුකර ඇති බවත් පළාත් පාලන ප්‍රධානීහු සඳහන් කරති.
මීළඟ පළාත් පාලන මැතිවරණය පවත්වනවාද, නොඑසේ නම් කල්දමනවාද, කොමසාරිස් පාලනයකට යටත් කරනවාද යන්න පිළිබඳවත්, මැතිවරණ පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයටද, මනාප ක්‍රමයටද යන්න පිළිබඳවත් පළාත් පාලන ආයතන නියෝජිතයන් මේ දක්වා දැනුම්වත් කර නැතැයිද ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් අවස්ථා ගණනාවකදී පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කළද නිසි පැහැදිලි කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා %අද^ ට පැවසීය.
කිසිම අවස්ථාවකදී පළාත් පාලන මැතිවරණය කල් නොදමන ලෙසත්, කොමසාරිස් පාලනයකට යටත් නොකරන ලෙසත් අදාළ අංශවලින් කිහිප වතාවක්ම ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධව ඊයේ (23දා) දිනයේදීද පක්ෂයේ මහලේකම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් සමග ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලං.නි.ප. මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද හෙතෙම පවසා සිටියේය.
සතියක් ඇතුළතදී අවසන් තීරණයක් ලබාදෙන්නැයි එහිදී ඉල්ලා සිටි බවද නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

