ජාතික තලයේ පවතින දේශපාලන අර්බුදය නිසා පළාත් පාලන ආයතන පිහිටුවීම දිගින් දිගටම කල්යාම කනගාටුවට කරුණක් බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මාර්තු 06 වැනිදා සභා පිහිටුවන බවට සඳහන් කළද, එම දිනයේදීත් සභා පිහිටුවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල්යෑම නිසා වසර ගණනාවක් සභාවල නියෝජිතයන් නොසිටි බවත්, මැතිවරණය පවත්වා තිබුණද තවම සභා පිහිටුවීමට නොහැකි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මේ නිසා සියලු දේශපාලන පක්ෂ දේශපාලන අර්බුද අමතක කර සභා පිහිටුවීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.