පසුගිය දශක කිහිපය තුළ ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් දූෂණ, වංචා, අක්‍රමිකතා සිදු කරමින් බලය අයුතු ලෙස භාවිතා කිරීම හේතුවෙන් එම දේශපාලන පක්ෂත්, ඔවුන් නියෝජනය කළ රජයත්, ඔවුන්ගේ නායකයිනුත් ජනතා අප්‍රසාදයට පත් වූ බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
විධායක ජනාධිපති ධුරය හැරණු කොට වැඩි විධායක බලයක් හිමිවන පළාත් පාලන ආයතන ප්‍රධානීන් සෑම විටම සිය බලය ජනතා යහපත වෙනුවෙන්ම යෙදවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊයේ (21) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති "ස්වර්ණ පුරවර" සම්මාන උළෙල අමතමිනි.
සිය බලය ජනතාවාදී ලෙස යොදවන සෑම දේශපාලනඥයෙක් ම ජනතාවගේ ප්‍රසාදයට පත්වන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සියලු පළාත් පාලන ආයතන යහපාලනයේ කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු බව ද කියා සිටියේය.
දේශපාලනඥයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම වන්නේ ජනතාවගේ ප්‍රශ්න සොයා ගොස් ඊට විසඳුම් ලබාදීම බව පැවසූ ජනාධිපති සිරිසේන මහතා සංවර්ධනයේ, පරිපාලනයේ, මූල්‍ය කළමනාකරණයේ සහ සමාජ සුබසාධනයේදී පළාත් පාලන ආයතන සතුව පවතින අසීමිත බලතල තුළ සිය සේවා විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමට සියලු පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරිනුත් කැපවිය යුතු බව ද කියා සිටියේය.