නුවරඑළියේ කානේෂන් මඩකලපුවේ සිටුවන පරිපාලන ක්‍රමයක් මේ වන විට මෙරට පළාත් පාලන ආයතන රැසක ස්ථාපිත වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (5) වන දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. මහජනතාවගේ දෛනික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන පළාත් පාලන ආයතන රැසක කටයුතු මේ වනවිට අක්‍රිය වීම නිසා රටතුළ බරපතල තත්වයක් උද්ගත වෙමින් පවතින බව හෙතෙම කීය. දිවයිනේ පළාත් පාලන ආයතන රැසක් මේ තත්වය යටතේ නීති විරෝධී අන්දමින් කොමසාරිස්වරුන් යටතට පත්කර ඇති බව ද ඒ මහතා අවධාරනය කළේය.
කසල එකතු කිරීම, මාතෘ සායන, ළමා සායන, ආදී සියලු මහජන කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වන පළාත් පාලන ආයතන අක්‍රිය වීම නිසා මේ වන විට දැවී ගිය විදුලි බුබුළක් මාරු කිරීමට වත් නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.