පළාත් පාලන මැතිවරණය ඉදිරි වර්ෂයේ මාර්තු මාසයේදී පැවැත්වීමට උපරිම උත්සාහය ගන්නා බවත්, වත්වාගෙන යාමට තමා උත්සාහ කරන බවත් පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
සීමා නිර්ණයේ ගැටලු ඉතා ඉක්මනින් නිමාකර මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන අතර කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයෙකු බිහිකිරීම රජයේ බලාපොරොත්තු බවද අමාත්‍යවරයා කීය. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ අද(16දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.