දියුණු රටක් ලෙස අපඉදිරියට යනවා නම් ලෝකයේ දියුණු පළාත් පාලන ආයතන අත්පත් කරගෙන තිබෙන ඉහළ කාර්යසාධන දර්ශකවලට යා යුතුව ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළකළේ අද(15දා) සබරගමු පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල කාර්යසාධනය, දැනට මතුව ඇති ගැටලු නිරාකරණය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එම ආයතනවල නිලධාරීන් සමග සබරගමු පළාත් සභාවේ පැවැති හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“දියුණු ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් නිර්මාණය වීමට නම් ප්රශස්ත ප්‍රාදේශීය ආණ්ඩුකරණ ව්‍යුහයක් රට තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. අපේ රටේ ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ සාර්ථක කතාවක් වගේම ඉතා අසාර්ථක කතා පුවතක්ද තිබෙනවා. වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ජන වරමක් ලැබුණු ‘‘%මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්^සහ පසුව පැවැති මහ මැතිවරණයේදී ජන වරමක් ලැබුණු ‘‘%හැට මසකින් අලුත් රටක්^නැමැති ප්‍රතිපත්තියි* යනුවෙන් කීය.
“ඒඅනුව ඉදිරි වසරේ සිට අපි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ජාතික ඉදිරි දර්ශනයක් සහ වැඩපිළිවෙළක් සකස් කරනවා. දියුණු ප්රජාතන්ත්රවාදී ගුණ සහිත රාජ්‍යයක් නිර්මාණය වීමට නම් ප්රශස්ත ප්‍රාදේශීය ආණ්ඩුකරණ ව්‍යුහයක් රට තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. අපේ රටේ ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ සාර්ථක කතාවක් වගේම ඉතා අසාර්ථක කතා පුවතක් තිබෙනවා. එම නිසා දියුණු රටක් හැටියට අපි ඉස්සරහට යනවා නම් ලෝකයේ දියුණු පළාත් පාලන ආයතන අත්පත් කරගෙන තිබෙන ඉහළ කාර්යසාධන දර්ශකවලට අපි යා යුතුව තිබෙනවා. ඉදිරි අවුරුදු පහ ඇතුළත අපේ බලාපොරොත්තුව වන්නේ ලංකාවේ පළාත් පාලන ආයතන පද්ධතිය සමස්තයක් හැටියට ඒ ඉහළ තැනට ඔසවා තැබීමයි*යනුවෙන්ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.