පළාත් පාලන ආයතනවල බර වාහන ඇතුළු සහ යන්ත්‍රපෝකරණ ක්‍රියාත්මක කරන රියදුරන් තාවකාලික පදනමක් මත බදවා ගැනීම සදහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇති බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සම සභාපති එස්.බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදීය.
වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් යටතේ බොහෝ පළාත් පාලන ආයතන වලට බර වාහන සහ එම යන්ත්‍රෝපකරණ ලබා දි තිබේ. නමුත් එම වාහන සහ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය රියදුරන්ගේ හිගයක් පවතින බව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසකින් කරුණු ඉදිරිපත් විය. එම නිසා වැසි සමයේදී මධ්‍යම පළාතේ ඇති වන විවිධ ආපදා තත්වයන් වලදී ඊට මුහුණ දීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවන බවද ඔවුන් පෙන්වා දෙන ලදී. එම කරුණු සැලකිල්ලට ගත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරු ගැටළුව විසදා දෙන ලෙස පළාත් පාලන අමාත්‍යවරයා වෙත දන්වා තිබේ.
ඒ අනුව පළාත් පාලන අමාත්‍යවරයා ඇතුළු මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරු මේ පිළිබද කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අදාල පළාත් පාලන ආයතනවල පවතින එම පුරප්පාඩු සදහා තාවකාලික පදනම මත රියදුරන් බදවා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙලෙස තාවකාලිකව බදවා ගන්නා තනතුරු සදහා ඉදිරි කාලයේදී විධිමත් බදවා ගැනීමේ පරිපාටියක් අනුව ස්ථිර වශයෙන් සේවකයන් බදවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවද එස්.බී . දිසානායක මහතා දැනුම් දෙන ලදී.
මෙම බදවා ගැනීම් මහනුවර දිස්ත්‍රික්කයට පමණක් නොව ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක වලට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති නිසා ඉදිරියේදී පළාත් පාලන ආයතනවලට ලැබී ඇති බරවාහන යන්ත්‍රෝපකරණ ප්‍රදේශවාසී ජනතාවගේ මහජන සේවය සදහා වඩාත් කාර්යක්ෂමව යොදා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.