පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා සිදුකළ සීමා නිර්ණය කිරීම නිවැරදි කරන ලෙසට ඉල්ලා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට පැමිණිලි 400 ක් ලැබී තිබේ.
සීමා නිර්ණය කිරීමේ ගැටලු විසඳීමට පත්කළ කමිටුවට මෙම පැමිණිලි ලැබී තිබෙන අතර, සීමා නිර්ණය පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පෙරේදා (30දා) අවසන් විය.