බස්නාහිර, උතුර, දකුණ, සබරගමුව, ඌව පළාත්වල ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරුන් 22,319 න් 5,026 ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවට හෙළි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ව්‍යාජ ආකාරයට වෛද්‍යවරුන් වශයෙන් හඳුන්වා ගනිමින් රෝගී ප්‍රතිකාර කටයුතු සිදුකරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙම සොයාගැනීම සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව සිදුකරන මෙම මෙහෙයුම උතුරු මැද, මධ්‍යම, වයඹ, නැගෙනහිර පළාත්වලත් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මෙම සොයාගැනීම් වලට අනුව බස්නාහිර පළාත තුළ පෞද්ගලික ප්‍රතිකාර සේවාවේ වෛද්‍යවරුන් 9551 ක් යෙදී සිටින බවත්, එම පිරිසෙන් 2455 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය 25.7% ක් බවද පවසා සිටියේය.
උතුරු පළාත තුළ 1067 ක් ප්‍රතිකාර සේවාවේ යෙදී සිටින අතර, එම ප්‍රමාණයෙන් 347 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස එය 32.5%ක් බවද වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
සබරගමු පළාත තුළ වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවල යෙදී සිටිනා 3482 න් 711 ක් ව්‍යාජ පුද්ගලයන් වන අතර, ප්‍රතිශතයක් ලෙස එය 20.4% ක් බවද සොයාගෙන ඇතැයි පැවසේ. දකුණු පළාත තුළ ප්‍රතිකාර කටයුතුවල යෙදී සිටිනා 5497 ක ප්‍රමාණයෙන් 1005 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස එය 19.2% ක් බවද පවසා සිටියේය.
ඌව පළාත තුළ ප්‍රතිකාර සේවාවල 2716 ක් යෙදී සිටින බවත්, එම පිරිසෙන් 454 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස එය 16.8% ක් බවත් සඳහන් වේ. මේ අනුව සමස්ත පළාත් 05 තුළම ප්‍රතිකාර සේවාවල නිරතව සිටිනා පිරිසෙන් 22.5෴ ක් ව්‍යාජ පුද්ගලයන් බවට හෙළි වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය 5280 1377 26.1%
කළුතර දිස්ත්‍රික්කය 1843 232 12.6%
උතුරු පළාත 1067 347 32.5%
රත්නපුර දිස්ත්‍රික්කය 2010 390 19.4%
කෑගල්ල දිස්ත්‍රික්කය 1472 321 21.8%
ගාල්ල දිස්ත්‍රික්කය 2390 447 18.7%
මාතර දිස්ත්‍රික්කය 1787 395 22.11%
හම්බන්තොට දිස්ත්‍රික්කය 1320 214 16.2%
බදුල්ල දිස්ත්‍රික්කය 1532 239 15.6%
මොණරාගල දිස්ත්‍රික්කය 1184 218 16.4%
දිස්ත්‍රික්කයක් වශයෙන් වැඩිම ව්‍යාජ වෛද්‍යවරුන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි ප්‍රතිකාර සේවාවල නිරත වන 2427 ක පිරිසෙන් 845 දෙනෙකු ව්‍යාජ පුද්ගලයන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 34.8෴ ක් බවද වෛද්‍ය නවින්ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.