නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැගෙනහිර හා ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද ඔවුන් සඳහන් කරයි.
අද (26දා) අලුයම නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙන අතර හම්බන්තොට, ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අද දිනයේදී සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් සෙසු පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.