එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හෙට (25දා) හෝ සෙනසුරාදා (27දා) අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දෙනු ඇති බවට මීට ඉහතදී තොරතුරු වාර්තා වුවත් ඌව, මධ්‍යම හා උතුරුමැද පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දීමට නියමිත බවද පැවසෙයි.
ඔහුට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයිද සඳහන් වේ.