අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයින උතුරු දෙසින් ඇතිවී තිබීම නිසා උතුරු, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට යළිත් අද (05දා) දිනයේ සිට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍ර‘දේශවලටද සවස 2.00 න් පසු තැනින් තැනට හිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලික ඉහළ යාහැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අකුණු අනතුරු සහ සුළං මගින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව ජනතාව අවධානය යොමුකළ යුතු බව ඒ මහතා පැවසීය.
මන්නාරමේ සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍ර‘දේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
පුත්තලමේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට මඩකලපුව දක්වා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවද මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
පසුගිය දිනවල මාතර, ගාල්ල, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 2693 කට අයත් පුද්ගලයන් 7613 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම දිස්ත්‍රික්කවල නිවාස 450 කට හානි සිදුව ඇති අතර, පුද්ගලයන් 09 දෙනෙකු අතුරුදන්ව සිටින බවද ඊයේ (05දා) දිනයේදී එම මධ්‍යස්ථාන නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 190 දෙනෙකු ආරක්ෂිත නිවාස 20 ක රඳවා සිටින බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂා තත්ත්වය සැලකිල්ලට ගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස ඊයේ (05දා) සවස් වරුවේ සිට වසා දැමීමට තීරණය කර තිබේ.
මාර්ගය අවට පස් කඳු කඩා වැටීම හා නායයාමේ අවදානමක් මතුව තිබෙන බවද ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
ඊයේ උදේ වරුවේද මාර්ගය වසා දමා තිබූ අතර, සවස 2.00 පමණ වනවිට මාර්ගය යළි විවෘත කිරීමට බලධාරීහු පියවර ගත්හ.