බස්නාහිර, උතුරුමැද, වයඹ, දකුණ, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලට පැය අටක කාලයක් තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමට හැකියාවක් තිබෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද පස්වරු 1.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම අනතුරු ඇඟවීම අදාළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.