2014 වර්ෂයට අදාළව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය මේ මස 16 වැනිදා හෝමාගම නියඳගල විද්‍යාකීර්ති කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට සමගාමීව දිවයිනේ අනෙක් පාසල්වලටද පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය. හෝමාගමදී පැවැත්වෙන ජාතික උත්සවය සඳහා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.