පළමු වැනි ලෝක යුද්ධයේ 100 වැනි සැමරුම පැවැත්වේ
එවකට සර්බියානු හිතවාදී ජාතිකවාදීන් අතින් ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා වූ ෆ්‍රෑන්ස් ෆර්ඩිනැන්ඩ් ඝාතනය කිරීමේ සිදුවීම ප්‍රධාන කොට ඇරඹි පළමු වැනි ලෝක සංග්‍රාමයේ 100 වැනි සැමරුම සඳහා බොස්නියාව සූදානම් වන බව බී.බී.සී.ය පවසයි.
මේ ආකාරයෙන් 1914 ජුනි 28 වැනිදා මෙම ඝාතන සිදුවීමත් සමග ඔස්ට්‍රියානු - හංගේරියානු අධිරාජ්‍ය විසින් එවකට සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් ජූලි 30 වැනිදා වනවිට රුසියාව සිය හමුදා රැස්කර සර්බියාවේ සහායට එක්විය.
මේ අතර, ආගෝස්තු 01 වැනිදා වනවිට ජර්මනිය, ප්‍රංශය සේනා රැස් කරමින් රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින් පළමු වැනි ලෝක යුද්ධයේ උණුසුම තවත් වැඩි කළේය.
මෙසේ යුරෝපයේ ප්‍රතිවිරුද්ධ මිත්‍ර සන්ධාන අතර ආරම්භ වෙමින්, මිලියන 10ක් මිනිස් ජීවිත බිලිගත් ඒ විනාශකාරී පළමු වැනි ලෝක යුද්ධය සමරමින් සංස්කෘතික හා ක්‍රීඩා තරග පවා සංවිධානය වන බවත්, සරජේවෝ අගනුවර තවත් උත්සව හා සැණකෙළි පැවැත්වෙන බවත් බොස්නියාවෙන් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

