මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමෙන් පසුව පැවැත්වූ පළමු මැතිවරණයෙන්ම මැතිවරණ කොමිසම රෙදි ගලවාගත් බවත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාව අතර පැවැති විශ්වාසය ඒ හරහා ගැටලුවකට පත්වූ බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (19දා) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙන් පසුව පැවැත්වූ පළමු මැතිවරණය වෙයි. එහිදී පරිගණක දෝශයක් හේතුවෙන් ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කිරීම ප්‍රමාද විය.