සෑම වසරකම නොවැම්බර් මස 08 වැනිදාට යෙදෙන "පොපි මල් දිනය" නිමිතිකොට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොපි මලක් පැළැදවීම අද (07දා) පෙරවරුෙවිදී සිදුවිය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඥානවීර මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ගරු ජනාධිපතිවරයාට මෙම පොපි මල පළදවනු ලැබීය.
තවද, දෙවන ලෝක යුද සමයේ යුද භටයෙකු වූ එච්.ජී.පී. ජයසේකර මහතා විසින් රචිත " How Japan Bomb Tiny Ceylon " ග්රන්ථයද ජනපතිට පිළිගැන්වීය.