දේශීය ආහාර නිෂ්පාදනයට, පරිසර සංරක්ෂණයට, මත්ද්‍රව්‍ය නිවරණයට මෙන්ම වකුගඩු රෝග නිවාරණය සඳහා ආරම්භ කිරීමට නියමිත ජාතික වැඩසටහන්වලට අදාළ යෝජනා පළමු කැබිනට් රැස්වීමටම ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාපැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉහත වැඩසටහන්වලට අදාළ ජනාධිපති කාර්යසාධක බළකායන්වල සාමාජිකයන් සමග අද (20දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමිනි.
වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය ඒ ඒ කාර්ය සාධක බළකායන්ට අදාළ අධ්යක්ෂවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.
රට අහරින් ස්වයංපෝෂිත කරන දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, කෘෂිකර්ම පර්යේෂණ, ගුණාත්මක යෙදවුම්, කාර්යක්ෂම අලෙවි ජාලයක් වැනි ඒකක යටතේ එය ක්‍රියාවට නැංවේ.
වගා නොකළ සියලු ඉඩම් වගා කිරීමට ගොවි ජනතාව යොමුකිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ගොවිජන සේවා පනතේද එය සඳහන්ව ඇති බවත්, ඒ පිළිබඳව ජනතාවට යළි අවබෝධයක් ලබාදීමේ වැදගත්කමත් ඔහු පෙන්වා දුන්නේය.
පරිසර ගැටලු, භූමි හායනය, අලි මිනිස් ගැටුම්, වෙරළ සංරක්ෂණ වැඩසටහන් ඇතුළු අනු වැඩසටහන් 20 ක් යටතේ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.