අනුරාධපුර මහජන පොළ ඉදිරිපිට පවත්වාගෙන ගිය පළතුරු අලෙවිසැල නගරසභාවේ නිළධාරීන් තමන්ගෙන් පළිගැනීමේ අරමුණින් කඩා ඉවත් කල බව පවසමින් තිදරු මවක් පසුගිය පෙරේදා (29දා) සිට අද (31දා) දිනය වන විටත් අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට උපවාසයක් නිරත වෙමින් සිටියාය.
තමන්ට සිදුවු අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙස අනුරාධපුර මහනගර සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලමින් උපවාසයේ නිරත වන්නේ අනුරාධපුර 03 වන පියවර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන නයෝමි දයාදරී බංඩාර (36) තිදරු මවයි.
ඇගේ දරුවන් තිදෙනාම අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසල් වල අධ්‍යාපනය ලබන අතර වයස අවුරුදු 06 ක් වන තෙවන දරුවා දරුණු හදවත් රෝගයකින් පෙළෙන්නීය. උපවාසයේ නිරත වන කාන්තාව වසර දෙක හමාරකට ආසන්න කාලයක් අනුරාධපුර මහජන පොළ ඉදිරිපිට පළතුරු අලෙවි කිරීමේ නිරත වෙමින් සැමියා නොමැතිව දරු පවුල නඩත්තු කරමින් සිටින්නීය.