පහරකෑමෙන් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙකුගේ මළසිරුරු සෞදි අරාබියේ ඔලෙයියා රෝහලේ මෝචරියේ තබා ඇතැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධව මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බවත්,විවිධ හිංසනයන්ට ලක්වූ ලාංකික කාන්තාවන් දෛනිකව ඔලෙයියාරැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන එන බවට වාර්තාවී ඇති බවත් අබේරත්න මහත්මිය සඳහන් කළාය.
මාස හතරකට පෙර මියගිය නාමලි පෙරේරාගේ නමැති කාන්තාවකගේ මළසිරුරක් මෙම රෝහලේ තිබී පසුගිය 05 වැනිදා මෙරටට ගෙනවිත් තිබුණු අතර,මේ ආකාරයට කාන්තාවන් මියගියද බලධාරින් අඩුම වශයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් සොයා බලා නොමැති බවත්, ඒජන්සි ආයතනවල උවමනාවට නිලධාරීන් කටයුතු කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
මස්කෙළිය වතුයායේ කාන්තාවන් හතරදෙනෙකු මේ ආකාරයට මියගොස් තිබෙන බවත්,ඉන් තිදෙනෙකුගේ මළසිරුරු මෙරටට ගෙනැවිත් තිබුණද තවත් කාන්තාවකගේ මළසිරුරක් මෙතෙක් ලංකාවට ගෙනැවිත් නොමැති බවද හේමමාලි අබේරත්න මහත්මිය සඳහන් කළාය.