පාදුක්ක, මීපේ පොලිස් මුරපොළේදී පැමිණිල්ලක් සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට එම ස්ථානයට පැමිණි විත්තිකාර පාර්ශ්වයේ පිරිසක් පහරදී ඇතැයි පොලීසිය පවසයි.
පැමිණිල්ලක් සටහන් කරමින් සිටින අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වයේ පිරිසක් පැමිණ පැමිණිලිකරුට පහරදීමට තැත්කරන අවස්ථාවේදී එය වැළැක්වීමට කටයුතු කරන විට පොලිස් නිලධාරියාටද පහරදී තිබේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.