කොළඹ ප්‍ර‘දේශය තුළ පවතින 30% ක පමණ පහත් බිම් ප්‍ර‘දේශ හේතුවෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක පහකින් (5CO) පමණ පාලනය කරගැනීමට හැකි වී ඇති බවත්, වත්මන් ආණ්ඩුවට පහත් බිම් විනාශ කිරීමට කිසිම අදහසක් නොමැති බවත් මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම පහත්බිම් ප්‍ර‘දේශ තුළින් සෑම හෙක්ටයාරයකින්ම රුපියල් මිලියන 05 ක පමණ පාරිසරික ප්‍රතිදානයක් සිදුවන බවත්, එය වැඩි කරගැනීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් නගමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (15දා) යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වේරැස් ගඟ වැසි ජල අපවහන ව්‍යාපෘතිය යටතේ අසාධාරණ ලෙස ඉඩම් පවරාගැනීම හේතුවෙන් පවුල් 2000කට වැඩි ජනතාවක් පීඩාවට ලක්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන්නේද යන්න පිළිබඳවත් අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ගංවතුර හා ජල ගැලීම් පාලනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, වර්ග කිලෝමීටර් 55.5 ක ප්‍රමාණයක පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය පරිසර වාර්තා අනුව සිදුකරන ලද්දක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.