වසර 27 කට පමණ පෙර 1989 භීෂණ සමයේදී එල් .එම් අන්දිරිස් නැමැති පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු පුද්ගලයින් පස් දෙනෙකුට තංගල්ල මහාධිකරණය මගින් ඊයේ (08දා) මරණ දඩුවම පනවා ඇත. මාහා අධිකරණ විනිසුරුවරිය වන සුජාතා අලහප්පෙරුම මහත්මිය මරණ දඬුවම ලබාදී තිබේ.
තංගල්ල සිනිමෝදර හා උනාකුරුව යන ප්රදෙසවල පදිංචි වයස අවුරුදු 45 ත් 55 ත් අතර පුද්ගලයින් පස්දෙනෙකුට වේ .මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ උපාලි මොහොට්ටි මහතාද පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ කෝසලා විධාන පතිරණ මහත්මියද පෙනී සිටින ලදී.