පසුගිය රජය මගින් පුද්ගලයන් 2200 කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇති බවත්, පුද්ගලයන් 1800 ක් වෙත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර ලබාදී ඇති බවට තහවුරු වී ඇති බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳ සොයා බලන බවද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිවෙස්වල මෙහෙකාර සේවයේ යෙදුන අයට පවා ලබාදී ඇතැයිද වාර්තා වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (05දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදීය.