2015 වර්ෂයේ ගතවූ මාස 10 තුළදී ඩෙංගු රෝගීන් බවට බවට සැකකෙරෙන රෝගීන් 21,607ක් දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
එම ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.02෴ ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත්, එමෙන්ම උණ රෝගය වැලඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.