පසුගිය ආණ්ඩුව කළ පව් ගෙවීමට තමාට අද සිදුව ඇතැයි, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ඊයේ (24දා) ප්‍රකාශ කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සීමානීර්ණය අභියාචනා විමර්ශන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍යාංශයට පැමිණීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්විණ.
සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ ගමට වගකියන මන්ත්‍රීවරයෙකු පත්කරන බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දුවක් දුන් හෙයින් නැවත සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීම ජනතාව අනුමත නොකරන බවයි.