පසුගිය රජය පටු දේශපාලන වාසි තකා කටයුතු කළ නිසා ජාතීන් අතර තිබූ සමගිය නැති වුණා.එය ඔවුන් කරගත් විශාල මෝඩකමක්.නමුත් අදවන විට මේ රටේ සියලු ජනතාවට එකට ජීවත්වීමේ යුගයක් ආරම්භ කරඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (8දා) ගාල්ලේදී පැවසුවාය.
"පසුගිය රජය පුළුවන් තරම් හොරකම් කර රටේ ආර්ථිකය බංකොලොත් කළා.පිටරටවලට රුපියල් කෝටි දසදහසක් ණයයි.පසුගියරජය තව මාසයක් බලයේ හිටියානම් රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නවත් මුදල් ඉතිරිවෙන්නේ නැහැ.
නමුත් අද රටතුල දූෂණය වංචාව නතර වෙලා.ඒ දූෂිත පාලනය වෙනුවට යහපාලනයක් ඇතිවී තියනවා.ඒවගේම රටේ සංවර්ධනයත් සිදු වෙනවා.පසුගිය කාලයේ මේ රටේ නීතිය හා සාමය කඩාවැටී තිබුණා.මානව හිමිකම් නැතිවුණා.මාධ්‍ය නිදහස නැතිවුණා.නමුත් නැතිවූ මානව හිමිකම් කහවුරු කරන්න මිනිස්සුන්ට නිදහස ලබාදෙන්න මාධ්‍ය නිදහස තහවුරුකරන්න වත්මන් රජය දැනටමත් විශාල වැඩකොටසක් ඉටුකර තියනවා
.ඒ වගේම තව සිය ගුණයක වැඩ කරන්න තියනවා.මේවා කරනවිට ප්‍රශ්ණ හා අභියෝග මතුවෙනවා.අපි පොරොන්දු වූ සියලු දේවල් කරනවා.හැබැයි ටිකක් ඉවසන්න.සියලුම දේවල් හිතන තරම් ඉක්මණට කරන්න බැහැ.සමහරවිට වැඩ ඉක්මන් කරනවා මදි කියා හිතන්න පුලුවන්."
ජිනේෂ් නානායක්කාර/ රවීන්ද්‍ර ශ්‍රී ලාල්