පසුගිය ආණ්ඩුව සමයේදී අන්තවාදී සංවිධාන පෝෂණය කළ බවත් හමුදා බුද්ධි අංශ ඒ සඳහා යොදාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
බෞද්ධ මෙන්ම ඉස්ලාම් අන්තවාදී සංවිධාන යොදාගනිමින් පසුගිය රජය දේශපාලන වාසි ලබාගත් බවත් යුද්ධය අවසන් වූ විට එම සංවිධානවල ක්‍රියාකාරිත්වය වැඩිවූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
නැගෙනහිර පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගය වැරදි බවත් උතුරේ පන්සල් ඉදිවෙන්නේ අතීතයේදී පන්සල් තිබූ ස්ථානවල බවත් උතුරු පළාත් සභාවට අලුතෙන් පන්සල් හෝ පල්ලි ඉදිකිරිම් නැවැත්වීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කිලිනොච්චියේ බුදුපිළිමයක් ඉදිකළේ යුද හමුදා කඳවුරක් තුළ බවත් ඇතැම් පිරිස් එය වැරදියට හුවා දැක්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අන්තවාදී කටයුතු කරන බෞද්ධ හෝ ඉස්ලාම් සංවිධාන කිසිවක් පසුගිය ආණ්ඩුව විසින් කැසිනෝ පනතක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තත් එයට එරෙහිව කිසිදු දෙයක් සිදුකළ නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
බෞද්ධ, හින්දු, ඉස්ලාම් යනුවෙන් පාසල් බෙදීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා නීති ගෙනවීමට කිසිවෙකුත් බිය විය නොයුතු බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
එක් එක් ආගමකට අමාත්‍යවරු පත්කිරීම අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.