පස්සර නගරයේ සිල්ලර වෙළදසැලක අද (14දා) අද අලුයම රාත්රී 1-40 ට පමණ ඇතිවු හදිසි ගන්නකින් වෙළදසැල විනාශවී එයට යාබඳව ඇති කාමර වල ජිවත්වූ කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇතැයි පස්සර පොලිසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ කේ.බී. මල්ලිකා (62) , කේ.බී. චිත්රා (61) ටී.එච්. කල්පනා (23) යන වෙළදසැල් හිමියාගේ මව, පුංචි අම්මා සහ නංගී බවද පොලිසිය කියයි.
වෙළදසැල් හිමියා සහ බිරිද මේ තුන්දෙනා වෙළදසැලට යාව ඇති කාමර වල නතර කර ඔහු සහ බිරිද කුලී නිවසකට ගොස් ජිවත්වන බව විමර්ශන වලදි අනාවරණය වී තිබේ .