අද පස්වරැවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව දැනුම්දෙයි. අනෙකුත් බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක බව වැඩිදුරටත් දැනුම්දේ.
එමෙන්ම කොළඹ, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ප්‍රකාශකරමින් දෙපාර්තමේන්තුව පවසයි
සුළං දකුණු දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී.30-40 ක් වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව දැනුම්දෙයි. .