මහනුවර, බහිරවකන්ද ප්ර දේශයේ බැම්මක් ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (20දා) උදෑසන මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් මෙසේ මිය ගොස් ඇත.
අවුරුදු 40ක් වන කටුගස්තොට පදිංචි කරුවෙක් මෙසේ මියගොස් ඇත.