දැරණියගල ප්රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී කුඩා දරුවෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බව දැරණියගල පොලීසිය පවසයි.
දැරණියගල උඩ මාලිම්බොඩ ප්රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අද (07දා) නිවසවක් මතට පස් කන්දක් කඩාවැටී ඇති අතර එම අවස්ථාවේ නිවසේ මවක සමග දරු දෙදෙනෙකු සිටි බවත් එක් දරුවෙකු බරපළ තුවාල ලබා දැරණියගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 02ක් වයසැති ගැහැනු දරුවෙකු වන අතර මෘත ශරීරය දැරණියගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශනය සිදු කරයි.