මධ්‍යම කඳුකරයට කඩින් කඩ අධික වැසි පවතිනවා. අධික වර්ෂාවත් සමඟ හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාපෙක්ස් ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනයට අද (08දා) උදෑසන 06 සිට බාධා පැමිණ තිඛෙනවා. අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නවී තිඛෙනවා අතර මාර්ග ලිස්සා යෑමෙන් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ලොරි රථයක් හා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි මෝටර් රථයක් අනතුරට පත්වී තිඛෙනවා.
අධික වර්ෂාවත් සමඟම මධ්‍යම කඳුකරයේ මාර්ග සියල්ලක්ම අධික ලෙස ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන මෙන් පොලීසිය රියදූරන්ගෙන් ඉල්ලා සිට්නවා.