මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති වැඩබිමේ විශාල කළුගලක් සහිත පස්කන්දක් අද (26දා) උදෑසන කඩා වැටීමෙන් එහි සේවයේ නියුතු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ලග්ගල පොලීසිය පවසයි.
ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරු හා බැකෝ යන්ත්‍රයේ සහායක පුද්ගලයා තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට අමතරව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු මේ වනවිටත් පස්කන්දට සිරවී සිටින අතර, ඔහුව බේරාගැනීම සඳහා ලග්ගල පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.