පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව පවසයි.
නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත්,දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත්,ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.50 ට වැඩි) ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.