මැයි 19 දා පලෙයිහිදී පොලිස් නිලධාරීන්ට හා පොලිස් රේඩියෝ කාර් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික මූරිති විජය ගනේෂන් (අජිත්/සෝලන්) නැමැත්තා එයට සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ත්රස්ත විමර්ශන කොට්ඨාසය කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම පසුගිය 03 දා සිදු කර තිබේ. සැකකරු කිලිනොච්චිය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබේ.